මෙන්න තවත් වෙබ් පිරික්සන මෘදුකාංගයක්.මේක වැඩිය ජනප්‍රිය නැති උනාට මොකද හොද වැඩ කාරයෙක්.පොඩි අවුලකට තියෙනේ සිංහල යුනිකෝඩ් එක්ක වැඩි ඇයි හොඳැයියක් නැති එක තමයි.කොහොම උනත් මම මේ කියන හදන්නේ ඔපෙරා කියන වෙබ් පිරික්සුම් මෘදුකාංගය ගැනයි.

ඔපෙරා ලාංජනය
මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රභාත් සොහොයුරාට.එයාගෙ බ්ලොග් අඩවියෙන්(වැලිකතරේ…..) තමයි මම ඉස්සරවෙලාම මෙහෙම ඔපෙරා කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තෙ.මගේ බ්ලොග් එකේ මේ ලිපිය ලියන්න කලින් ප්‍රභාත් සොයුරාගෙ ලිපිය කියවලා තම්යි මට මේ ගැන ලියන්න ඕනෙ කියලා අදහසක් ආවේ
ඔපෙරා කථා වස්තුව 1994 වෙනකන් පස්සට යනවා.නෝර්වේ රටේ තියෙන ප්‍රධාන සන්නිවේදන සමාගමක් වන Telenor සමාගම 1994 දී කරපු පර්යේෂණ ව්‍යාපෘතියකින් තමයි මේ ඔපෙරා බිහිවුනේ.අවුරුද්දකට විතර පස්සෙ එයාලා වෙනමම තනි සමාගමක් පිහිටෙව්වා Opera Software ASA කියලා.

ඔපෙරා 10 අතුරු මුහුණත
ඒ විදිහට ඇරඹුනු ඔපෙරා අද වෙනකොට තත්වයෙන් උසස්, බොහෝමෙහෙයුම් පද්ධති සමග වැඩ කල හැකි වෙබ් පිරික්සුම් මෘදුකාංගයක් බවට පත්වෙලා තියෙනවා.ඒ වගේමයි පරිගනක විතරක්ම නෙවෙයි ජංගම දුරකතනවල PDAs, game consoles මෙන්ම Nintendo Wii, DS, Sony Mylo උපාංග වලත් මෙය ජනප්‍රියයි.
ඔපෙරා කියන්නේ හුදෙක් වෙබ් පිරික්සුම් මෘදුකාංගයක්ම නෙවෙයි. එය විවිධ අංශ ගණනාවක පැතිරුණ විශාල ව්‍යාපෘතියක්. ඔපෙරා මගින් අධ්‍යාපන කටයුතු , ඔපෙරා විද්‍යුත් තපැල්, ආයෝජන, රැකියා අවස්ථා ආදී වැඩ කටයුතු ගණනාවක්ම සිදු කෙරෙනවා.
ඔපෙරා වල තිබෙන විශේෂ ලක්ෂණ අතර අපට නිතරම අවශ්‍ය වන වෙබ් අඩවි වලට ඉක්මනින් ලඟා වෙන්න පුලුවන් පහසුකම(Quick Dial), ඔපෙරාහි මුහුණතතෙහිම ඉඳගෙන වෙබ් අඩවි කිහිපයක යාවත්කාල වීම් දකින්න පුලුවන් වීම, අඩු වේග සබඳතා සඳහා ඔපෙරා ටර්බෝ පහසුකම ගැන මතක් නොකරම බැහැ.
සුපිරිම ආකාරයේ වෙබ් පිරික්සනයක් තැනීම අරමුණ කරගත් ඔපෙරා කණ්ඩායම සමග එක්වී වැඩ කරන්නට ඔබටත් අවස්ථාව තියෙනවා.ඒ ගැන වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුලුවන්.
ඒ සියලූම විස්තර කිව්වට පස්සෙ මෙන්න මේ දේත් නොකිව්වොත් එය අඩුපාඩුවක් වේවි.ඔපෙරා වෙබ් පිරික්සනය සිංහල යුනිකෝඩ් සමග 100% සාර්ථකව වැඩ කරන්නේ නම් නෑ. එමෙන්ම වෙනත් නොමිලේ දෙන විද්‍යුත් ලිපින සමග සසඳන විට ඔපෙරා හි ලබා දෙන්නේ ඉතා කුඩා වෙබ් ඉඩකඩක්.
ඔපෙරා නිල වෙබ් අඩවියට
ඔපෙරා විද්‍යුත් ලිපින සඳහා

ඔපෙරා මිනි (ජංගම දුරකතන සඳහා)

ඔපෙරා වෙබ් පිරික්සනය
