හොර කොපි නැති පරිගනකයකට තියෙන්න ඔනේ තවත් වටිනා කියන නිදහස් මෘදුකාංගයක් ගැනයි මේ කතාව.මේක නිදහස් ප්‍රතිවයිරස් මෘදුකාංගයක්(Antivirus Software).සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෙහි නොමිලේ දෙන සහ මුදල් ගෙවා ගන්න කියා සන්ස්කරණ 2ක් නැති වීම විශේෂත්වයක්.හැබැයි දැනට වැඩ කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති(Microsoft Windows 98/Me/2000/XP/2003 and Vista) සමග පමණයි.මෙහි කේත නිදහස් කරලා තියෙන අතර ඔනෑම c++ සහ Python කේත ලියන්නන්ට මෙය වැඩිදියුනු කිරීම සඳහා සම්බන්ද වෙන්න අවස්තාව තියෙනවා.
අපිට පුරුදුවෙලා තියෙන ආකාරයේ ස්වයංක්‍රියවම වයිරස් අල්ලන පහසුකම මෙයාගේ නෑ කියලා තමයි මෙහි නිල වෙබ් අඩවියෙහි දක්වලා තියෙන්නේ.(does not include an on-access real-time scanner. You need to manually scan a file in order to detect a virus or spyware)මෙය නම් ටිකක් විශේෂයෙන් සැලකිය යුතු අවාසියක් කියලා තමයි මට නම් හිතෙන්නේ.මොකද අපි සෑම විටම වාගේ වයිරස් බෝවෙන ප්‍රධානතම ආකාරය වන පෙන් (Pen Drive, Flash Drive) ස්කෑන් කරන්නේ නැහැනේ.ඒක හිතලා කරන්න අපිට අමතක උනොත් එම වයිරසයට අපේ පරිගනකයට එන්න පුලුවන් වීමේ තර්ජනයක් තියෙන බව පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා.නමුත් මෙය තවම වැඩිදියුණු වෙමින් පවතින මෘදුකාංගයක් නිසා ඉදිරියේදී එම පහසුකම මෙයට ලැබේවි කියල හිතමු. ඒත් එහෙම කියලා මේක අත්හැරලා දාන්න අවශ්‍ය වෙන්නේ නෑ.මොකද වෙනත් වයිරස් ආරක්ෂණ මෘදුකාංගයක් සමග භාවිතා කරන්න පුලුවන් නිසා කැමතිනම් ස්ථාපනය කරල තියන්නත් පුලුවන්.(Avast සහ Nod32 එක්ක නම් මම පරීක්ෂා කලා. ප්‍රශ්නයක් නෑ)
ස්වයංක්‍රීයවම යාවත්කාල වීම, ස්ථාපනය සඳහා කුඩා ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීම, අඩු සසම්භාවී ප්‍රවේශ මතකයක්(Low RAM space) ලබා ගැනීම සහ ඉතාම සරල අතුරු මුහුණතක් තිබීම මෙහි ඇති තවත් හොඳ ගතිගුණ කිහිපයක්
භාගත කරගන්න මෙතන කොටන්න
යාළුවන්ගේ වෛරස් ආසාදිත pendrives clean කරන්න මම ලිනක්ස් එක්ක මේක පාවිච්චිකරනවා. (ලිනක්ස් version එක)
ආ එහෙනම් ලිනක්ස් එක්කත් මේක වැඩ කරනවද? නියමයි. තාරක ඒක ගන්න පුලුවන් තැනක ලින්ක් එක පුලුවන්නම් දානවද? අනිත් අයට ප්‍රයෝජනවත් වේවි. ස්තුතියි ප්‍රතිචාරයට.
Clamav site එකේ විස්තර ඔක්කොම තියෙනවා.
ඒ වගේම Ubuntu, Fedora වැනි හුඟක් ලිනක්ස් distributions වල තියෙන package managers භාවිතයෙන් ලේසියෙන් ස්ථාපනය කරගන්න පුළුවන්.
උදා:
1. Fedora හි “Add remove software” භාවිතයෙන් නැත්නම් terminal එකේ yum install clamav ටයිප් කිරීමෙන්ද
2. Ubuntu හි “Synaptic Package manager” භාවිතයෙන් නැත්නම් terminal එකේ apt-get install clamav ටයිප් කිරීමෙන්ද පුළුවන්
[…] කලින් ClamWin Free Antivirus ගැන ලියපු ලිපිය මෙතනින් […]
මමත් ඇතුළුව අපි හැමෝම නිකන් දෙන හොඳ දේවල් ගන්න කැමතියි. මම ලියපු මේ ලිපියත් බලන්න http://sumudublog.blogspot.com/2010/02/blog-post_25.html
අදහසක් ගන්න පුළුවන් වෙයි